ඔක්කොම හොඳයි ඒත් ගඳයි....!!!


කොළඹ සිට නුවර බලා ගමන් කරන දුම්රියක් මේ දුම්රියේ එක මැදිරියක එකිනෙකට මුහුණලා තියන ආසන දෙක්ක මගීන් හතර දෙනෙක් ගමන් කරනව එක ආසනයක තරුණ කොල්ලෝ දෙන්නෙක් අනික් ආසනයේ ලස්සන හුරුබුහුටි තරුණ ගැහැණු ළමයෙක් හා එයාගේ මිත්තණිය හෙවත් ආච්චි අම්මා උඩරට දුම්රිය මාර්ගය හරිම ලස්සනයිනේ ඉතින් තරුණිය පරිසරයේ අලංකාරවත් බව විදිමින් ගමන් කරනවා ඔය අතරෙදි දුම්රිය බිංගෙයක් හෙවත් උමගකින් ගමන් කරනවා කරුමෙට මේ මැදිරියේ විදුලි බුබලක් නැහැ දුම්රිය බිංගේ ඇතුලින් යද්දි ඇතුල පට්ට කරුවල උනා.


මේ අවස්තාවෙන් ප්‍රෙයා්ජනයක් ගන්න හිතුව එක තරුණයෙක් අනෙකාට මෙහෙම කිව්වා යකෝ බලපන් කොච්චිය ඊලග බිංගේ ඇතුලෙන් යද්දි මම අර කෙල්ලට කිස් එකක් දෙනවා
අනිවා හරිද ඔහු ඉදිරියේ ඉන්න තරුණිය පෙන්වලා යාළුවට රහසින් කිවා.දුම්රිය ඊලග බිංගෙය ඇතුලෙන් යද්දි
ඇත්තටම ඔහු එහෙම කලා තරුණියට කිස් එකක් දීපු තරුණයා බිංගෙය පහුවෙන්න කලින් තමන් හිටපු තැනම ඇවිත් වාඩි උනා.බිංගෙය පහුවෙලා දුම්රිය ගියහම ඇත්තටම අර කෙල්ලගේ මූන ලැජ්ජාවෙන් ඇබරිලා තියනවා අනික් තරුණයා දැක්කා.


1.තරුණයා:-අඩෝ මම වැඩේ කලා කියල වැඩක් නැහැ බන් මාර කම්මුල් දෙක මල් පෙති දෙකක් වගේ මාරම සිනිදුයි බන් දුකේ බෑ.ඊලග බිංගේ ඇතුලෙන් යද්දි තෝත් කිස් එකක් දීල බලපන්
2.තරුණයා:-එළ මචං අනිවා ඊලග බිංගේ ඇතුලෙන් යද්දි මම සුවර් එකටම වැඩේ කරනවා.
මේ අතරේ තරුණිය තමන්ට බිංගෙය තුලදි වෙච්ච අකරතැබ්බය ආච්චිට රහසින් කිව්වා ආච්චි කෙල්ලට කිව්වේ මම ඕකුන්ට හොද වැඩක් කරන්නම් පුතේ උබ බය නැතිව හිටපන් කියල.දැන් ඊලග බිම්ගෙය ලගයි අනික් තරුණයා වැඩේට සුදානම් කොච්චිය බිම්ගෙය ඇතුලින් යනවත් එක්කම මේ කිසිවක් නොදත් දෙවනි තරුණයා ඉක්මනින්ම නැගිටල තරුණියගේ කම්මුල් දෙකට උම්මා දෙකක් දීලා ඇවිත් වාඩි උනා.දුමිරිය එලිමහන් භූමියට ආපසු.
1.තරුණයා:-කෝමද මචං කම්මුල් දෙක මරු නේද?
2.තරුණයා:-කියල වැඩක් නෑ බන් කම්මුල් දෙකනම් මරු ඒ උනාට මචං කෙල්ලගේ කට පොඩ්ඩක් ගඳයි වගේ ලස්සන උනාට දත් මැදල නැද්ද කොහෙදෝ.


අදුරේම අපූරු දෙයක් සිදුවී තිබුනා තරුණයන්ට හොද පාඩමක් උගන්වන්න හිතපු ආච්චිත් වැඩේට සූදානම් වෙලා කොච්චිය බිමිගෙයට ඇතුල්වෙනවත් සමගම තමන් හිටපු තැනින් නැගිටල තරුණිය හිටපු තැනට ගිහින් සීට්එක උඩට නැගල සාරිය උස්සගෙන අනික් පැත්තට හැරිල හිටගෙන ඉදලා තරුණියගේ කම්මුල් දෙක කියල තරුණයා කිස් කරල තියෙන්නේ ආච්චිගේ තට්ටම් දෙකට